ශ්‍රී ලංකාව දුෂ්කර කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටින බැවින් සමීප මිතුරකු සහ අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.
එමෙන්ම ශ්‍රී ලංකාවට ආර්ථික සහාය ලබාදීම සඳහා ඉන්දියාව ද ජාත්‍යන්තර සමුළුවේදී දැඩි ලෙස කතාබහ කළ බව ඔහු වැඩිදුරටත් ඔහු පවසනවා.
එමෙන්ම උතුර, නැගෙනහිර සහ උඩරට දෙමළ ජනතාව ඇතුළු ශ්‍රී ලංකාවේ සිටින සහෝදර ජනතාව වෙනුවෙන් දිගටම පෙනී සිටින අතර ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය , ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




