නීති විරෝධී ලෙස තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද රුපියල් 48,3000ක පමණ වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බළකායේ අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව මහබාගේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විවිධ වර්ගයේ විදේශීය දුම්වැටි 69,000ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරු අංක 708,මීගමුව පාර, මහබාගේ, වත්තල යන ලිපිනයේ පදිංචි අවුරුදු 37 ක පුද්ගලයෙක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
සැකකරු සහ දුම්වැටි තොගය වැඩිදුර විමර්ශන සඳහා මහබාගේ පොලිසිය වෙත භාර දී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




