"වැඩ සමඟ යළි ගමට" සංවර්ධන වැඩසටහන යටතේ අයවැය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් පැවැත්වෙන රැස්වීම් මාලාව 2020.12.14 දින දකුණු පළාතෙන් ආරම්භ කෙරෙන බව ආර්ථික
පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් හා එම අමාත්‍යංශවල ලේකම්වරුන්
අතර කොළඹදී පැවති සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ 2021 අයවැය තනි
පුද්ගලයකුගේ අයවැයක් නොවන අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයත් ප්‍රජා සංවිධානත් සමඟ දීර්ඝ කාලයක් සාකච්ඡා සිදුකර රටේ සංවර්ධනය සහ අනාගතය සම්බන්ධයෙන් නිවැරදි තීන්දු රැසක් ගනු ලැබූ අයවැයක් බවයි.
ගමේ අවශ්‍යතා ප්‍රාදේශීය මට්ටමට ඉදිරිපත් කළ, ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ අනුමැතියෙන් අමාත්‍යාංශ කරා ගෙන එන විධිමත් පටිපාටියක් සකස් කර එය ලේඛනගත කොට සමාජගත
කිරීමේ අවශ්‍යතාව පවතින බැවින් එම කාර්ය නොපමාව සිදුකර ජනාධිපති කාර්ය සාධන බලකාය දෙසැම්බර් 14 දින සිට 19 දින දක්වා පළාත් මට්ටමින් පවත්වන රැස්වීම්වලදී නිලධාරින්,
දේශපාලන අධිකාරිය හා මහජනතාව දැනුවත් කිරීම සඳහා අපේක්ෂා කරන බැවින් එම පටිපාටින් නොපමාව සකස් කර කාර්ය සාධන බලකායට ඉදිරිපත් කරන ලෙස මෙහිදී බැසිල් රාජපක්ෂ
මහතා නිලධාරින්ට උපදෙස් දෙන ලදි.
මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.