ඉඩම් ආඥා පනත කඩිනමින් සංශෝධනයට පියවර - අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන


ඉඩම් ආඥා පනත කඩිනමින් සංශෝධනයට පියවර ගන්නා බව අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමුවැනි රැස්වීමට සහභාගී වෙමින් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ බලපත්‍ර හිමි ඉඩම් සඳහා ඔප්පු ලබා දීම එම සංශෝධනයේ මූලික අරමුණ බව යි. බිම්සවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ද ගැටලු රැසකට මුහුණ දෙන බව පැවසූ අමාත්‍යවරයා පනත සංශෝධනය මඟින් එකී ගැටලු වලට විසඳුම් ලබා ගත හැකි බව ද පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ තරුණ ව්‍යවසායකයන් ලක්ෂයකට පමණ ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත්, ඒ වෙනුවෙන් මේ වන විට අයදුම්පත් හය ලක්ෂයක් ලැබී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

අයදුම්පත් ලබා දීමට දී තිබු කාලය පසුගිය 15 වැනිදායින් අවසන් වුව ද, උපදේශක කාරක සභාවේ දී මන්ත්‍රීවරයන් කළ ඉල්ලීම් සලකා බලා තවත් මසකින් එම කාලය දීර්ඝ කරන ලෙස එතුමා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරින්ට එම අවස්ථාවේදී ම උපදෙස් දුන්නේය. අනවසර ලෙස ඉඩම් අල්ලා ගැනීම වැනි වංචා පාලනයට දැඩි පියවර ගත යුතු බවද කාරක සභාවේ දී සාකච්ජා විය. “සන්තකය” යටතේ රජයට පවරා ගත් ඉඩම් නැවත එම පාර්ශව වලටම ලබාදීම නීති විරෝධිබව පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මහතා මෙහිදී කීවේය. පුත්තලම ප්‍රදේශයේ ඉඩම් මංකොල්ලයන් සිදුවන බවද හෙතෙම පැවසීය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් සම්බන්ධව, විශේෂ චක්‍රලේඛයක් නුදුරේදී ම නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා කාරක සභාවට දැනුම් දුන්නේය. එම කොමිෂන් සභාවට අයත් ඉඩම් මැනීමේ කටයුතු ක්‍රමවත් කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ජා විය.

විහාර හා දේවාලගම් පනත ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ දී සාකච්ජා විය. ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සතු නියාගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක් පසුගිය රජය සමයේ පෞද්ගලික හිතවතෙකුට ලබා දී ඇති බව පැවසු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා එම ඉඩම නැවත පවරා ගැනීමට ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටියේය.

ඊට අදාළව කඩිනමින් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය. දිවයින පුරා සිදු කෙරෙන ඉඩම් මැනීමේ කටයුතු කඩිනම් කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය.

එච්.නන්දසේන, අසංක නවරත්න, ගුණතිලක රාජපක්ෂ, වසන්ත යාපාබණ්ඩාර, සමන්ප්‍රිය හේරත්, උපුල් ගලප්පත්ති, මිලාන් ජයතිලක, ජේ.සී අලවතුවල, ගයන්ත කරුණාතිලක , සංජීව එදිරිමාන්න යන ගරු පාර්ලිමේන්තුවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සභභාගී වූහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඉඩම් ආඥා පනත කඩිනමින් සංශෝධනයට පියවර - අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන
ඉඩම් ආඥා පනත කඩිනමින් සංශෝධනයට පියවර - අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhY7JNgPYjTokgibnB3ie2iFQG15qq38QVH-ew3Qc1afLL4IMAlQn3bNfgmht9pErjDo3Om0TTIUwkFxnsyzpDwhlC55kJANb0iM8GB-pV1SWqWI2jviAvaRmtervKI3KoaI9sNvDcbVkM/s16000/sm-chandrasena-1280x720+%25281%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhY7JNgPYjTokgibnB3ie2iFQG15qq38QVH-ew3Qc1afLL4IMAlQn3bNfgmht9pErjDo3Om0TTIUwkFxnsyzpDwhlC55kJANb0iM8GB-pV1SWqWI2jviAvaRmtervKI3KoaI9sNvDcbVkM/s72-c/sm-chandrasena-1280x720+%25281%2529.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/smchandrasena.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/smchandrasena.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content