පසුගිය ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයට සම්බන්ධ වූ හිටපු පක්ෂ සාමාජිකයන් සමඟ නැවත වැඩ කිරීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ දොරවල් තවමත් ඔවුන් සඳහා විවෘත බවත් එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසන්නේ සමගි ජන බලවේගයේ සිටින බොහෝ දෙනා එක්සත් ජාතික පක්ෂයේ හිටපු සාමාජිකයන් බවයි.
පසුගිය සෙනසුරාදා හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ ගණනාවක සහභාගිත්වයෙන් පැවැත් වූ සාකච්ඡාවට සහභාගි වීමෙන් අනතුරුව ඔහු මේ බව පැවසුවා.
සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විපක්ෂයේ සර්ව සර්වපාක්ෂික සන්ධානයක් සඳහා වෙන සමුළුවේ සමාරම්භක උත්සවය පසුගිය සෙනසුරාදා කොළඹ දී පැවැත් වුණා.