තම යතුරුපැදියේ මත් කුඩු සඟවාගෙන ත්‍රිකුණාමලය බන්ධනාගාරය වෙත රාජකාරියට යමින් සිටී ජේලර්වරයකු ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පිළිබඳව මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත යතුරුපැදිය පරික්ෂා කිරීමේදී පොලිසිය විසින් මත්කුඩු ග්‍රෑම් 14ක් සොයාගෙන තිබෙනවා.
ජේලර්වරයාට මත්කුඩු ලැබුණු ආකාරය විමර්ශනය කිරීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බවත් ඔහු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය සඳහන් කරනවා.




