අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා රටේ සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. රටේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල කර ඔවුන් පීඩනයකට ලක්කිරීම සාධාරණ නැති නිසා මාර්ගගත අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කරන්නැයි ඉල්ලා ඇත.
ඊයේ(19) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක දී ඇමති ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේය.ඇමතිවරයා තවදුරටත් පැවසුවේ මාර්ගගත අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන ගොස් පාසල් විවෘත කළ පසුත් පාසල් පැමිණ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙනයන්න සහයෝගය දෙන්නැයි තමා ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් ගුරුවරුන්ට ඇති සියලු ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කළ යුතු බව කී ඇමතිවරයා ඒ සඳහා තමන් සියලු ගුරු විදුහල්පති සංවිධාන නියෝජිතයින් අද (20) හමුවී සාකච්ඡා කරන බවත් සඳහන් කළේය.




