හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 225ක් සමඟ කටුගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කාරියක් වන 26 හැවිරිදි වනාතේ අරුණි සහ 29 හැවිරිදි ඇගේ පෙම්වතා බව වාර්තා වනවා.රුපියල් කෝටි එකහමාරකට ආසන්න මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සමඟ රුපියල් ලක්ෂ 9 කට ආසන්න මුදලක් ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස ජාවාරම් කර ඇත්තේ විදෙස් රටක සැඟවී සිටින ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන පට්ටිය වත්ත නෙවිල් නැමැත්තාට අයත් මත්කුඩු බව පොලීසිය සඳහන් කරනවා.
පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ නිවසක කාමරයක් තුළ මොවුන් මත්කුඩු පැකට් කරමින් සිටි බවයි.




