රජයේ කිසිදු වෙබ් අඩවියක් වෙත කිසිදු සයිබර් ප්‍රහාරයක් එල්ලවී නොමැති බව ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. මෙම ව්‍යාජ තොරතුර බෙදාහරිනු ලැබූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් මහතාව ශ්‍රී ලංකා පොලිසියේ පරිඝනක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
update
ජනපති කාර්යාලයේ වෙබ් පිටුව ඇතුළු තවත් රාජ්‍ය ආයතන වෙබ් පිටු කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ජනාධිපති කාර්යාලය,විදේශ අමාත්යංශය,වෛද්‍ය පර්යේෂණ ආයතනය,ශ්‍රී ලංකා මිනිදෝරු දෙපාර්තමේන්තුව,පවුල් සෞඛ්‍ය කාර්යාංශය,වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි මෙලෙස සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි.




