රුසියානු ෆෙඩරේෂණයේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මැතිතුමා සහ ලොව පුරා රටවල් 120ක පමණ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට අන්තර්ජාතික ආර්ථික සංවිධානවල ප්‍රධානීහු, රුසියානු සහ වෙනත් රටවල රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීහු ද ඇතුළු පිරිසක් ද ඇරයුම් ලැබ සිටිති.
ගෝලීය ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රධානතම කරුණු සාකච්ඡා කිරීමට හා ඒවාට ගෝලීය සහයෝගීතාවයෙන් ශක්‍ය විසඳුම් යෝජනා කිරීමට රාජ්‍යතාන්ත්‍රිකයන්ට අනගි අවස්ථාවක් නිර්මාණය කර දෙන ප්‍රමුඛතම ගෝලීය ආර්ථික වේදිකාව බවට මේ වන විට 1997 ඇරඹි 'ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව' පත්ව ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සමග රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් රංජිත් විමලසූරිය හා කර්මාන්තඅමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද සහභාගි වෙති.





