රෝහල් ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රතිකාරවලින් පසු අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට යළි රැගෙන ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසුවා.
රන්ජන් රාමනායක මහතාට දණහිසේ ඇති වූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා.
මේ වන විට ඔහුගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව අතට හැරී ඇති බැවින් නැවතත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.




