ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන දින තුනක විශේෂ ඔන්ලයින් සංවාදයක් පාත්ෆයින්ඩර් පදනම පසුගිය දා පැවැත්වීය. රටවල් තිස් හයක රාජ්‍ය නියෝජිතයෝ, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන්, බුද්ධි මණ්ඩල නියෝජිතයන් සහ තෝරා ගත් සංවිධානවල නියෝජිතයන් එකසිය පනහකට වඩා සහභාගී වූහ. දෙස් විදෙස් මාධ්‍ය වලට පවා එය විවෘත කරන ලදී.
විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, ඇමරිකානු තානාපතිනි අලෙයිනා ටෙප්ලයිට්ස්, ජපානයේ තානාපති අකිරා සුගියාමා, මෙම සමුළුවේ සම සභාපති ධුරය හොබවන, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිවශන්කර් මෙනන් සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක පළමු දිනයේ දී සාකච්ඡාවලට සහභාගී විය. සමුදුර ආරක්ෂාව හා නාවික ගමනාගමනයේ නිදහස තේමාව කරගෙන සිංගප්පුරු විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන අංශයේ මහාචාර්ය සී රාජමෝහන් මහතා පළමු සැසිය මෙහෙයවන ලද අතර දෙවැනි සැසිය, ආසියානු කලාපයේ සබදතා තරකිරීම මැයෙන් දකුණු ආසියානු වැඩසටහනේ අධ්‍යක්ෂක ආචාර්ය ෆෙඩි්‍රක් ග්‍රෙයා මහතා ද තුන්වන සැසිය ජාත්‍යන්තර සාමය බලවත් කිරීම මැයෙන් හිටපු තානාපති සහ දකුණු හා මධ්‍යම ආසියානු රටවල් ස`දහා වූ ඇමරිකානු සහකාර ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා මෙහෙයවීය. ඉන්දියාව, රැසියාව, ඇමරිකාව, සිංගප්පුුුරුව, දකුණු අප්‍රිකාව, ඔස්ටේ්‍රලියාව, චීනය, ජපානය සහ ශ්‍රී ලංකාවේ නියෝජිතයෝ මෙම සැසි වල දී සජීවී අන්තර් ජාල සම්බන්ධතා වලින් සිය වාර්තා ඉදිරිපත් කර ඇත.