නාපානේ ශ්‍රී පේමසිරි මහානායක හිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායක හිමියන් පළ කළ ශෝක ප්‍රකාශය

අතිපුජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි මහනාහිමියන්ගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවකි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුම් මහානායක පදවිය හොබවන ලද ත්‍රිපිටක වාගීශ්වර, විනය විශාරද, ශාසන ශෝභන, අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් අපි බෙහෙවින් සංවේගයට පත්වීමු. වසර 98ක් තරම් දීර්ඝායුෂ භුක්ති විඳි උන්වහන්සේගේ වාසනාවන්ත දිවිය වඩාත් ඔපවත් වනුයේ 1933 වර්ෂයේ උතුම් ප්‍රවෘජ්ජාභූමියට පත්වීමෙනි. වසර අසූ හතක් වූ පැවිදි දිවිය තුළ වසර හැත්තෑ හතක් උපසපන් යතිවරයෙකු ලෙස ස්වකීය ජීවිතය ගත කළ මහෝත්තමයෙකි. සිය ජීවිතයක් ගොඩනගා ගතයුතු සිල්වත්කම, ගුණවත්කම, උගත්කම මෙන්ම ශික්ෂාකාමිත්වය ඉහළින්ම සම්පූර්ණ කරගෙන වැඩ සිටි අතිපුජ්‍ය මහානායක ස්වාමීපාදයන් වහන්සේ විසින් වර්තමාන භික්ෂු  සමාජයට ලබාදුන් ආදර්ශය අති ශ්‍රේෂ්ඨය. උතුම් පැවිදි ජීවිතයක අගය වටහාගනිමින් ඊට ගැලපෙන සේ තම ජීවීතය ගොඩනගාගත් මහනාහිමයෝ (අතිශයින්ම සරල දිවිපෙවෙතක් ගත කළහ. සමස්ත භික්ෂු සමාජයට නායකත්වය ලබාදුන් මහා යතිවරයෙකුගේ කාර්යභාරය ඉහළින්ම ඉටු කළ උන්වහන්සේ ත්‍රිපිටකය පිළිබඳ හසල දැනුමක් සහිතව මෙරට වැඩ සිටි ශ්‍රේෂ්ඨ උත්තමයෙකි. භික්‍ෂු ප්‍රාතිමෝය ස්වකීය ජීවිතයට ආභරණයක් කොට එය ප්‍රායෝගිකව තම ජීවිතයට අදාළ කරගෙන වැඩසිටි දුර්ලභ ගණයේ ආදර්ශවත් මහනාහිමිනමකි.

සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවන් පිළිබඳව උන්වහන්සේ තුළ පැවති දැනුම විශාරදය. ඕනෑම මොහොතක උක්ත ඕනෑම භාෂාවකින් මොහොතකින් කවි පබැදුමක් කිරීමට තරම් සහජ දක්‍ෂතාවක් ගොඩනගා ගෙන සිටි මාහිමිනමකි. භිකෂු  ජීවිතයකට අවශ්‍ය සාම්ප්‍රදායික දැනුමෙන් හා විචාරශීලි බුද්ධියෙන් අනූනව වැඩසිටි උන්වහසේ රාමඤ්ඤ මහා නිකායට පමණක් නොව ශ්‍රී ලංකාවේ මුළු මහත් භික්ෂු පරපුරටම නායකත්වය සැපයූ උත්තමයෙකි.

භෞතික වශයෙන් ඉහළ දියුණුවක් ලබා ඇති වර්තමාන සමාජයේ තරුණ භික්ෂූන්ට මෙම ශක්‍යතා ගොඩනගා ගැනීම අපහසු වුව ද එක අතිදුෂ්කර ප්‍රදේශයක වැඩ හිඳිමින් අඩු පහසුකම් භුක්ති විඳිමින් මෙතරම් වටිනා භික්‍ෂ ජීවිතයක් ගොඩනගා ගැනීමට හැකිවීම පුදුම එළවන කාර්යයකි. මුලුමහත් සම්බුද්ධ ශාසනයට අතිමහත් ආදර්ශයක් ලබාදෙමින් සුවඳවත් හිභික්ෂු දිවියක් ගත කරමින් වැඩ සිටි අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහනාහිමියන්ගේ අභාවය පිළිබඳව මහාවිහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධම් මහා සංසභාවේ සාතිශය සංවේගය පළකර සිටුහ. අතිපුජ්‍ය මහානාහිමියන්ට නිවන් සුව අත්වේවා !

සාහිත්‍යසූරී, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්ථවිර
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝසභාව - කෝට්ටේ පාර්ශවය
කුලපති - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
2020. 11. 18


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: නාපානේ ශ්‍රී පේමසිරි මහානායක හිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායක හිමියන් පළ කළ ශෝක ප්‍රකාශය
නාපානේ ශ්‍රී පේමසිරි මහානායක හිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායක හිමියන් පළ කළ ශෝක ප්‍රකාශය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0LPqzshQ_0etf4H6xLq6_Zt9BrwEBS8UhKwntkCnBoAqX7lG1xE4t8HCGj7jt_e0aeNQDSfZmsiRhMFfrz_ZUj3993MI9vVqXmtyMZt2VyV2VucbMuKr4337LzvG3VAFlqva6skM0jlk/s16000/Ittapana-Dhammalankara-Mahanayake-Thero.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0LPqzshQ_0etf4H6xLq6_Zt9BrwEBS8UhKwntkCnBoAqX7lG1xE4t8HCGj7jt_e0aeNQDSfZmsiRhMFfrz_ZUj3993MI9vVqXmtyMZt2VyV2VucbMuKr4337LzvG3VAFlqva6skM0jlk/s72-c/Ittapana-Dhammalankara-Mahanayake-Thero.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/Napana-Pemsiri-thero-Ittapane-Dhammalankara-Thero-Notice.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/Napana-Pemsiri-thero-Ittapane-Dhammalankara-Thero-Notice.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content