අද (18) දින ද මෙරටින් කොවිඩ් මරණ 3ක් මරණ 3ක් සිදු වී ඇති බව තහවුරු කරන ලද අතර ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිච් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 69 කි.
මෙ බව මීට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළා.
01. කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරු 70ක පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිච් 19 වෙරසය ආසාදනය සමඟ ඇති වූ දියවැඩියා රෝගයේ සංකූලතා වේ.
02. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 74 ක කාන්තාවකි. කොවිච් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සමඟ කොවිච් 19 ආසාදනය නිසා සිදු වූ පෙනහලු දුර්වලවීමයි.
03. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා කොවිච් 19 ආසාදනය සමඟ උත්සන්න වීමයි.
අදාළ නිවේදනය පහතින්





