තහනම් නිවේදනය නිකුත් කිරීමෙන් පසු බස්නාහිර පළාතෙන් පිටතට යාමට අවස්ථාව හිමි වන්නේ, ජලය, විදුලිය, බලශක්ති , ඉන්ධන, ඖෂධ සහ ආහාර වැනි අත්‍යාවශ්‍ය සේවාවවල කාර්ය මණ්ඩලවලට පමණක් බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ, ඔවුන්ට තමන් සේවය සපයන රථයකින් පිටතට යාමේ හැකියාව පවතින බවයි.
එමෙන්ම අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලවලට ඔවුන්ගේ සේවය අවශ්‍ය කර ඇති අවස්ථාවක ඒ සඳහා පිටත්ව යාමට අවස්ථාව හිමි වේ.
කෙසේ වෙතත් මීට පෙර ආයතන 112 ක් සඳහා සිය හැඳුනුම්පත් භාවිත කරමින් ගමනාගමනයට ලබාදුන් අවසරය බස්නාහිර පළාතෙන් පිටතට යාම සඳහා අදාළ නොවනු ඇති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, හැඳුනුම්පත් භාවිත කරමින් ගමනාගමනයට අවස්ථාව ලබා දුන් එම චක්‍රලේඛයේ කරුණු මෙහිදී වලංගු නොවන බවයි.
කෙසේ වෙතත් විශේෂිතම සේවාවක් සඳහා පමණක් එය අදාළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
තව ද බස්නාහිර පළාතෙන් පිටවන සියලුම ස්ථානවල මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය




