විදෙස්ගතව සිට පැමිණ වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු ඔහුට ප්‍රතිකාර සිදුකිරීමෙන් පසු නිවසට පැමණි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පුද්ගලයෙකුට යළි වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
විදෙස්ගතව සිට පැමිණි මෙම පුද්ගලයා පසුගිය 13 වනදා මෙරටට පැමිණ ඇති අතර පසුව නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබුණි.
ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වන්නේ, පසුගිය මස 25 වනදා සිදුකළ PCR පරීක්ෂණයේදී ය.
පසුව ඔහුට ප්‍රතිකාර සිදුකිරීමෙන් දින 14කට පසු PCR පරීක්ෂණයකින් තොරව නිවසට එවා තිබේ.
තවත් දින 14ක් නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඔහුට, යළි වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පුද්ගලයන් 08 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ අතර එකම පවුලේ සිව්දෙනෙකු හා විදෙස්ගතව සිට පැමිණි මෙම පුද්ගලයාද ඇතුලත්ය.




