ප්‍රසිද්ධ ව්‍යාපාරික, දෙරණ මාධ්‍ය ආයතන ප්‍රධානී දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් පත් කොට තිබෙනවා.
කොමිසමෙහි සභාපති දූරය විනිසුරු ජගත් බාලපටබැඳි මහතා විසින් හොබවන අතර මෙහි අනෙකුත් සාමාජිකයින් වශයෙන් ඉන්ද්‍රානි සුගතදාස , ලීලසේන ලියනගම , ටී ආර් සී රුබේරු , ඩයන් ගෝමස් , ඩබ් එච් පියදාස , හේමා ධර්මවර්ධන , සහ නිමල් කරුණාසිරි කටයුතු කරනු ලබනවා . මෙම පත්කිරීම අද දින සිදුකරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.
ජයවීර මහතා මීට පෙර නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කළා.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු සභාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද මෙම පත්වීම් ඊයේ (23) දිනයේ තහවුරු කර තිබෙනවා.




