කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන් රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැලසුම් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් – 19 වෛරසය මර්දන කාර්ය සාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී මේ පිළිබඳව අවධානය යොමු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
ඉදිරියේදී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් තවත් රෝහල් හඳුනා ගැනීම, රෝගීන්ගේ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ගැටලු හඳුනා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ.
අන්තර්ජාලය ඔස්සේ රෝහල් කාර්ය මණ්ඩලය කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇත.
බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය කටයුතු කිරීමත් සමග ඉදිරි කාලය තුළ වෛරස ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදු වුවහොත් එය පාලනය කිරීමට හා ප්‍රතිකාර කිරීමේදී ඇතිවන ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා වෛද්‍ය, හෙද, රසායනාගාර ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කිරීමේ ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇතැයි, සඳහන් ය.




