COVID-19 වසංගතය හේතුවෙන් ස්වයං නිරෝධායනය යටතේ සිටින පවුල්වලට ඔවුන්ගේ නිවෙස්වල රුපියල් 10,000 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙළක් රජය විසින් දියත් කරයි.
“ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා යටතේ ඔක්තෝබර් 27 වන දින අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුව, හමුදාවේ සහාය ඇතිව භාණ්ඩ ලබන්නන් වෙත ලබා දෙනු ඇත.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන එළවළු, පලතුරු සහ වියළි සලාකවල වටිනාකම රුපියල් 5,000 කි. නිරෝධායනය වන පවුල් වලට අවස්ථා දෙකකදී ලබා දෙනු ඇත.
“ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 6,807 කට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම ඊයේ (30) ආරම්භ වූ බව” ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය. මෙය COVID-19 ආසාදිත පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීම වෙනුවට ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායනය කිරීමට රජය ගෙන ඇති පියවරට සමගාමීව ක්‍රියාත්මක වේ.