අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළමු ධූර කාලයේ දෙවන වසර ඉක්මවීමට ප්‍රථම ඒනම් 2021 නොවැම්බර් 16 දිනට පෙර ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව 100% ක් බවට පත්කිරීම නියතයක් යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා පොළොන්නරුවේදී පැවසීය.
ලබන මස මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පළමු සුළං බලාගාරය මන්නාරමේ විවෘත කිරිමෙන් බලශක්ති විප්ලවයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කිරීමට කටයුතු කරන බවත්, රටක් වශයෙන් ඩීසල් කෙරෙහි දක්වන අසීමිත ඇල්ම වෙනුවට ස්වභාව ධර්මයට ප්‍රේම කිරීමට ශ්‍රී ලාංකික විදුලිබල ක්ෂේත්‍රය යොමු කරන බවත් මෙහිදී විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.
එමෙන්ම ජලය, සුළඟ සහ හිරු ප්‍රමුඛව පුනර්ජනනීය බලශක්තිය ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය කිරීමේ ප්‍රධාන විභවයන් බවට පත්කර ගැනීම 2030 වනවිට යතාර්ථයක් බවට පත්කරගන්නා බව පැහැදිළි කළ විදුලිබල අමාත්‍යවරයා, පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ මේ වනවිට සූර්ය බලයෙන් විදුලිය ලබාගන්නා ප්‍රමාණය නිවාස 193 ක් වීම කණගාටුවට කරුණක් බවද, සූර්ය කිරණ වඩාත් ශක්තිමත් කලාපයක් වන පොළොන්නරුව දිස්ත්‍රික්ක යේ එම සංඛ්‍යාව අවම වශයෙන් 2021 අවසන් වනවිට නිවාස 3000 ක් දක්වා වර්ධනය කිරීමට පියවර ගන්නා බවද පෙන්වා දුන්නේය.