ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියැදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන, දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ දැනට එම වැඩපිළිවෙළ ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක බවයි.
ඊට අදාල විභාගය සමත් වූ ශ්‍රවණාබාධිත පුද්ගලයින් 44දෙනෙකු සඳහා මේ වනවිට පුහුණු රියැදුරු බලපත්‍රය ලබාදී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.