මගමග තිබී හමුවූ මළසිරුරු කොරෝනා වැළඳී මියගිය අයගේ බවට අසත්‍ය ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බව අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මහමඟ මියගොස් සිටි කොරෝනා ආසාදිතයෙකු ලෙස මෙතෙක් හඳුනාගෙන ඇත්තේ එක් යාචකයෙක් පමණක් බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳ විසින් කළ බවට අසත්‍ය ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කණ්ඩායම් 02 ක් පත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ එක් කණ්ඩායමක් ඊට සම්බන්ධ පාර්ශව හඳුනාගැනීමටද අනෙක් කණ්ඩායම් වෝහාරික පරිගණක අපරාධමය කාරණා සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවයි.