කොවිඞ් 19 ගෝලීය වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස තම සිඟිති දියණියන් දෙදෙනා සමඟ දෝහා කටාර් හි අතරමං වූ ශ්‍රී ලාංකික පවුලක් නැවත මෙරටට පැමිණීම සඳහා සහය පතනවා.
හෝටල් ක්ෂේත්‍රයේ සේවයේ නිරතව සිටි පියාට පසුගිය මැයි මාසයේ රැකියාව අහිමි වී ඇති අතර, මේ වනවිට කිසිදු ආදායමක් නොමැති බවයි ඔහු වීඩියෝ පටයක් අප වෙත එවමින් සඳහන් කළේ.ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පසුගිය අප්‍රේල් 27 වැනිදා ලියාපදිංචි වූවද, නැවත පැමිණීම සඳහා ගුවන් යානයකට ගෙවීමක් කිරීමට හැකියාවක් නොමැති බව ඔහු කියා සිටියා.
මේ නිසා තමා සහ පවුලේ සාමාජිකයින් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සහය වන ලෙස ඔහු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.කටාරයේ අතරමං වූ එම ශ්‍රී ලාංකික පවුල 0097 433 75 79 82 අංකයෙන් සම්බන්ධ කරගත හැකියි.




