පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවලින් කප්පම් ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැටලීම් වැඩසටහනක් ආරම්භ කොට ඇති බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.
විශේෂ කාර්ය බලකාය සමගින් එක්ව දිවයින පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මකව ඇති බවත්, ඒ අනුව ඊයේ (16 වැනිදා) පුස්සැල්ලාව නගරයේ සිදුකළ හදිසි වැටලීමකදී මගී ප්‍රවාහන බස් රථවලින් කප්පම් ගත් පුද්ගලයන් දෙදෙනකු විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
දිවයින පුරා පිහිටි නගරවල සහ උප නගර ආශ්‍රිතව ඊයේ (16 වැනිදා) සිට මෙය ක්‍රියාත්මක බවත්, පෞද්ගලික බස් රථ ධාවකයන්ගේ ඉල්ලීම මත එය සිදුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
මැර කල්ලි විසින් දිවයින පුරා එක් දිනකට රුපියල් ලක්ෂ ගණනාවක කප්පම් මෙලෙස ගන්නා බව වාර්තා වී ඇති බවද ඔහු පැවසුවා.




