එළඹෙන 23වන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිත පාසල්වල සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ඉගැන්වීම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
ඒ අනුව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරමින්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 06 සිට13 ශ්‍රේණි දක්වා පාසල් පැවැත්වීමේ පසුබිම සකස්කිරීමේ වගකීම් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා තිබෙනවා.
විදුහල්පතිවරයා විසින් ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය නිලධාරී, ග්‍රාම නිලධාරී, පාසැල් සංවර්ධන සමිති නියෝජිතයෙක් සහ ආදී ශිෂ්‍ය නියෝජිතයෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ගතයුතු බවද, කමිටු නිර්දේශ අදාළ අධ්‍යාපන කලාප භාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත යොමු කළයුතු බවද එම නිවේදනයේ දැක්වෙනවා.
සෞඛ්‍ය උපදෙස් අනුව බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල නොවැම්බර් 23 වනදා 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් ආරම්භ කිරීමට අද (19) තීරණය කෙරුණා.
සෙසු පළාත්වලද දැනට හුදකලා කර ඇති ප්‍රදේශ තුළ පිහිටා ඇති පාසල් තවදුරටත් විවෘත නොකෙරෙනු ඇති.
එමෙන්ම 01 සිට 05 දක්වා ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට ද සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරගැනීම සම්බන්ධයෙන් පවත්නා ප්‍රායෝගික තත්ත්වය මත ඔවුන් වෙනුවෙන් ද පාසල් ආරම්භ නොකිරීමට තීරණය වුණා.
දිවයිනේ 06 සිට 11 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන පාසල් 6,257ක් පවතින අතර එම පාසල් අතර පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 15ට අඩු පාසල් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 28.6% ක් වනවා.
සිසුන් සංඛ්‍යාව 16 සිට 30 දක්වා වන පාසැල් 43.6%ක ප්‍රතිශතයක් වන අතර 12, 13 ශ්‍රේණි සඳහා පන්ති පැවැත්වෙන පාසැල් 2,898ක් පවතිනවා.
එම පාසැල්වල පන්තියක සිසුන් 15ට අඩු පාසැල් ප්‍රතිශතය 53.4% ක් වන ආතර සිසුන් 16 සිට 30 දක්වා පන්ති පැවැත්වෙන පාසැල් ප්‍රතිශතය 36.7% ක් වනවා.