කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී කොළඹ IDH රෝහලෙන් පළාගිය කාන්තාව සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගෙන් සහයෝගය ඉල්ලා සිටිනවා.
ඊයේ රාත්‍රී 9.10ට පමණ එම කාන්තාව සිය වයස අවුරුදු 02 ක පමණ දරුවා ද සමග රෝහලෙන් පළාගොස් තිබුණා.
පසුව ඇය විසින් දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ ඥාති නිවසකට භාර දී එතැනින් ද පළාගොස් තිබෙනවා.
කෙසේවෙතත් අද (20) උදෑසන පොලීසිය විසින් දරුවා සොයාගෙන නැවත රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුණා.
25 හැවිරිදි එම කාන්තාව මහා පරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් බව ද පොලීසිය සඳහන් කළා.
ඇය සොයා ගැනීම සඳහා මේ වන විටත් පොලීසිය කටයුතු කරමින් සිටිනවා.
අදාළ කාන්තාවගේ හැඳුනුම්පත් ඡායාරූපය අප විසින් පළකර ඇත
පසුගිය පුවත් බලන්න