නිරෝධායන සෞඛ්‍ය නීති කඩ කරමින් පොලීසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරූ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප කිරුළපන පොලීසියෙන් විමසූ අවස්ථාවේ එහි නිලධාරියෙකු කියා සිටියේ එම රංගන ශිල්පියා මුඛ ආවරණයක් නොමැතිව රජය විසින් ලබාදෙන රුපියල් 5,000 දීමනාව ලබා ගැනීමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
මුඛ ආවරණය පැළද නොසිටීම හේතුවෙන් මුඛ ආවරණයක් පැළද එම ස්ථානයට පැමිණෙන ලෙස පොලිස් නිලධාරින් විසින් අවවාද කිරීමට ගිය අවස්ථාවේදී රංගන ශිල්පී විල්සන් කරූ විසින් පොලීසියට පහරදීමට උත්සාහ දරා තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.