නොවැම්බර් 10 වන දින සිට මුහුදු ජලය ගොඩ ගැලීම නිසා යාපනයේ කොලූම්පුතුරෙයි නාගදීපය, වේලනෙයි හා කුරීකඞ්ඩුවාන් යන ප‍්‍රදේශවල පවුල් 57 කට අයත් ප්‍රදේශවාසින් 172 ක් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව වාර්තා වනවා.
එලෙස මුහුදු ජලයෙන් යට වී ඔවුන්ට නිවෙස් තුළ ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතිබවද සඳහන් වනවා.
යාපනයේ නාගදීපය ඇතුළු ප‍්‍රදේශ කීපයක මුහුදු ජල මට්ටම ඉහළ ගොස් පිටාර ගලන ජලය මාර්ගවලට එක්වීම නිසා ගමනාගමන කටයුතුවලට බාධාවන් එල්ල වී තිබෙන බවද සඳහන්.
දින දෙකක් මේ ප‍්‍රදේශයට ඇද හැලූණු වර්ෂාව නිසා මේ තත්ත්වය උදා වී ඇති අතර මුහුදු ජලයෙන් නිවාස යට වූ පිරිස වෙනත් තාවකාලික ස්ථානවලට පැමිණ තිබෙන බවද සඳහන්.




