මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය හුදකලා කිරීමට තීරණය කළත් එම ප්‍රදේශවල පිහිටා ඇති අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන පවත්වාගෙන යෑමට හැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙන්නේ අදාළ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක් පිහිටා ඇති බැවින් එම තීරණය ගත් බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ යුද හමුදාපතිවරයා සඳහන් කළේ, "කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය කියන මෙම ස්ථාන ප්‍රධාන අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක් පිහිටා තිබෙනවා. මේවා වහන්න හැකියාවක් නෑ. ඒ අනුව මේ හුදකලාවන් සිදුකර ඇත්තේ ඒ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාහැකි ආකාරයටයි. කොළඹ කොටුවෙන් පටන්ගන්නා දුම්රිය හෝ බස්රථ පිළිබඳ සමහර වෙලාවට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒවා අපි වෙනස් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ." යනුවෙනි.
ඒ අනුව මෙම ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩලවලට සිය අනන්‍යතාවය තහවුරු කිරීමෙන් මෙම ප්‍රදේශවලට ප්‍රවේශවීමට හැකියාක් ලැබෙනු ඇත.
අදාළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙනයන ආයතන ප්‍රධානීන්ගේ දැනුම්දීම මත එම කටයුතු සිදුවෙන බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.





