ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සමාජිකත්වයෙන් ඉරාජ් වීරරත්න මහතා ඉල්ලා අස් වී තිබෙනවා.
නොවැළැක්විය හැකි පෞද්ගලික හේතුවක් මත සිය කැමැත්තෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව දන්වමින් ඔහු විසින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.මෙරට තරුණ තරුණියන්ට සේවය කිරීම සඳහා තමාට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතියි පූර්වක වන බවත් තරුණ කලාකරුවෙකු වශයෙන් තමාගේ පෞද්ගලික හා වෘත්තීය හැකියාවන් මත අවශ්‍ය වූ විට ඕනෑම කාර්යයක් සඳහා සහය වීමට ඉදිරිපත් වන බවත් ඔහු එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.