රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය බාර විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුල්වත්ත මහතා පැවසුවේ කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් දරුවන්ට "නිහඬ මාරයා" යනුවෙන් හැඳින්වෙන ඉතා බරපතළ රෝගී තත්වයක් ( Silent hypoxia) හටගන්නා බවයි.
හෙතෙම තවදුරටත් සඳහන් කළේ කොවිඩ් වැළඳුණු දරුවෙකු සුව වීමෙන් පසු සාමාන්‍ය පරිදි කටයුතු කිරීමේදී හෝ සෙල්ලම් කිරීමේදී නොදැනුවත්වම රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම එම රෝගී තත්වයේ ස්වභාවය බවත්
සාමාන්‍යයෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමේදී හුස්ම ගැනීමේ අපහසුව, කතා කිරීමේ අපහසුව ආදි ලක්ෂණ පෙන්නුම් කෙරෙන නමුත් මෙම රෝගයේදී එලෙස පූර්ව ලක්ෂණ මතු නොවීමද විශේෂත්වයක් වේ.
කිතුල්වත්ත මහතා පැවසුවේ කොරෝනා ආසාදනය වී ඇති දරුවන්ගේ ඔක්සිජන් ප්‍රතිශතය මේ තත්වය යටතේ සතියකට වරක් හෝ මැන බැලීම වැදගත් වන බවය. සෙල්ලම් කිරීමෙන් පසු ඔක්සිජන් ප්‍රතිශතය සියයට 94ට වඩා අඩුනම් සහ සාමාන්‍ය පරිදි සිටින විට සියයට 96ට වඩා අඩුනම් වහාම දරුවන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
ඇල්ෆා ප්‍රභේදය ආසාදනය වූ දරුවන්ට රෝග ලක්ෂණ එතරම් පෙන්නුම් නොකළද ඩෙල්ටා ප්‍රභේදය සමග රෝග ලක්ෂණ මතුවීම වැඩිවී ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා රිජ්වේ ආර්ය ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් ප්‍රමාණය අඩුවුවද දැඩි සත්කාර අවශ්‍ය දරුවන් ප්‍රමාණය සැළකියුතු ලෙස වැඩිවී ඇතැයිද ප්‍රකාශ කළේය.
රෝහල්ගත කෙරෙන රෝගී දරුවන් ප්‍රමාණය අඩුවී ඇත්තේ නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම නිසා බවත් කොරෝනා අසාදනය වූ දරුවන් නිවෙස් වල රැකබලාගැනීමේ වැඩසටහනද ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය.
වයස 12ත් 18ත් අතර දරුවන්ට මොඩර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීම අනුමත වී ඇති බවත් මේ සම්බන්ධයෙන් දැනටමත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සාකච්ජා පවත්වමින් සිටින බවත් එම වයස් කාණ්ඩයේ විවිධ සංකූලතා සහ නිධන්ගත රෝග තිබෙන දරුවන්ට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඔහු පැවසුවේය
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.