කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන පරිදි සිගරට්, සුරුට්ටු හෝ වෙනත් දුම්වැටි පාවිච්චි කරන අය කොවිඩ් මරණවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.
එවැනි කොවිඩ් මරණ කීපයක්ම පසුගිය දිනවල වාර්තා වී ඇත. දුම් පානය හේතුවෙන් පෙනහලුවල ක්‍රියාකාරීත්වය දුර්වලවන අතර කොවිඩ් වැළඳීමෙන් එවැනි අයට කොවිඩ් නිව්මෝනියා තත්වය ඉතාම ඉක්මනින් ළඟා විය හැකි බවත් එමහතා සඳහන් කළේය.
එමෙන්ම දුම් බොන්නන් ළඟ සිටීම නිසා බොහෝ දෙනා නිතැත් දුම් පානයට (passive smoking) ගොදුරුවන බවත් ඒ ආකාරයට දුම් ශරීරගතවීමද අවදානම් සහගත බව සඳහන් කළේය.
දුම් පානය කරන අය ළඟ සිටින දරුවන්ටද මේ ආකාරයට සිගරට් විෂ දුම ශරීරගත විය හැකි බවත් එවැනි නිතැත් දුම්පානයට ගොදුරුවන දරුවන්ට කොවිඩ් වැළඳුනහොත් ඔවුනට බරපතළ සංකූලතා මතුවී මරණය පවා සිදුවිය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.