නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කර තිබෙනවා
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් මේ බව කියා සිටිනවා.
ඒ අනුව සැප්තැම්බර් 6 වනදා අළුයම 4 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ වනවා.
අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
ඇඳිරි නීතිය නොසලකා හරිමින් කටයුතු නොකර ඇඳිරි නීතිය නිසිපරිදි ක්‍රියාත්මක වීම සඳහා අනවශ්‍ය ගමන් බිමන් යාම, නිවසේ සිට වැඩ කිරීම සිදුකරමින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමා නැවත නැවතත් මෙරට පුරවැසියන් ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනතාවට දැනුම් දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.