ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිදු වූ බෝම්බ පිපිරීම් දෙකක් හේතුවෙන් පුද්ගලයන් 90 දෙනෙකු මියගොස් තවත් 140ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියගිය පිරිස අතර ඇමරිකාවේ යුධ භටයින් 13 දෙනෙකුද සිටින අතර ජනතාව ඉවත් කරගැනීමේ අවසන් අදියරේ පසුවන බව ඇමරිකාව පවසයි.
ජිහාඩ් අයි එස්-කේ (IS-K) ත්‍රස්ත සංවිධානයේ ප්‍රහාරයක් පිළිබඳ තර්ජනයක් එල්ල වී ඇති බැවින් ඇෆ්ගනිස්ථානයේ බටහිර ආණ්ඩුව ගුවන්තොටුපලෙන් ඉවත් වෙන ලෙස පුරවැසියන්ට අනතුරු අඟවා පැය කීපයකට පසු මෙම පිපිරීම සිදු වී ඇත.
තලේබාන් සටන්කාමීන් බලයට පත්වීමෙන් පසු රට හැරයාම සඳහා ගුවන් තොටුපලේ රැඳී සිටින ජනතාව ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.