පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙරට දරුවන්ගේ අධ්‍යාපනය නොකඩවා පවත්වාගෙන යාම වෙනුවෙන් නව යෙදවුමක් (app) රජය විසින් හඳුන්වා දී තිබෙනවා.
ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය එක්ව මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව මෙරට සියලුම සිසුන්ට ඩේටා ගාස්තු නොමැතිව තම පාසලේ හුරුපුරුදු ගුරුවරයා සමගින්ම අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට හැකියාව ලැබෙනවා. මෙරට සියලු දුරකථන සමාගම් නොමිලේ මෙම පද්ධතියට පිවිසීම සඳහා අවස්ථාව ලබා දෙන බව වාර්තා වනවා.
මෙහි පළමු අදියර ලෙස දිවයින පුරා පාසල් 20 ක මෙම නව පද්ධතිය ස්ථාපිත කර ඇති අතර ජූලි 25 වනදා සිට එහි දෙවැනි අදියර ලෙස තවත් පාසල් 200ක මෙම නව පද්ධතිය ස්ථාපිත කිරීමට නියමිතයි .
රජය පෙන්වා දෙන්නේ 2022 වසර වන විට දිවයිනේ සියලුම පාසල් 10,165ක මෙම පද්ධතිය සවිකර ගුරු වර්ජන හෝ වසංගත තත්වයක් යටතේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය නොකඩවා සිදු කරගෙන යෑමට අවස්ථාව සලසා දෙන බවයි.




