අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මස 30 වනදා හෝ එම දිනයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසනවා.
ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා කළ යුතු කටයුතු මේ වන විට 80%කින් පමණ අවසන් වී ඇති බව
ඊයේ (14) විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළා.
එය නිකුත් කෙරෙන නිශ්චිත දිනයක් පිළිබඳව කිසිවක් කිව නොහැක්කේ කඩිමුඩියේ ප්‍රතිඵල නිකුත් කර යම් කිසි හෙයකින් වරදක් සිදු වුවහොත් එහි විපාක විභාගයට මුහුණ දුන් දරුවන්ට ම විඳීමට සිදුවන නිසා බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එම නිසා සියලු කටයුතු අවසන් වූ පසු මේ මාසය අවසන් වන දිනයේදී හෝ ඊට පෙර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.