පාරිභෝගිකයෝ පැවසුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව රතු පරිප්පු කිලෝවක් රුපියල් 250 ක්, සීනි කිලෝවක් රුපියල් 215 ක්, ලංකා අර්තාපල් කිලෝවක් රුපියල් 300 ක්, ඉන්දීය අර්තාපල් කිලෝවක් රුපියල් 240 ක්, රට ලූණු කිලෝවක් රුපියල් 135 ක් සහ රතු ලූණු කිලෝවක් රුපියල් 400 ක් දක්වා මිල ඉහළ ගොස් තිබුණි.
තොග මිල වැඩි වීම හේතුවෙන් පිරිප්පු, සීනි, අල, ලූණු සහ හාල්මැස්සන් කරවල ආදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවූ බව සිල්ලර වෙළදුන් පවසයි.සතොස රතු සීනි කිලෝවක් රුපියල් 115 කට අළෙවි කළද ඊයේ (26) කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළහ. මීට අමතරව සතොස රතු පරිප්පු කිලෝවක මිල ද රුපියල් 250 දක්වා ඉහළ දමා තිබුණි.
ඉදිරි දින දෙකේදී සතොසට සුදු සීනි තොගයක් ලැබෙන බවත් ඉන් පසුව සුදු සීනි විවෘත වෙළෛඳපොලට වඩා අඩු මිලට ලබාදීමට බලාපොරොත්තු වන බවත් සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසුවේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




