හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතාටද කොවිඩ් ආසාදිතව තිබෙනවා.
ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.
දින තුනකට පෙර ඔහුට කොවිඩ් ආසාදිතව ඇතැයි තහවුරු වී තිබෙන අතර නිවෙස් ප්‍රතිකාර සදහා ඔහු යොමුවූ බවත් ඊයේ සවස් වන තුරුම ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බවත් පොලිස් තොරතුරු අනාවරණය කර තිබෙනවා.
මේ අතර අජිත් රෝහණ මහතා කොවිඩ් ආසාදිතව දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ඇති බවට අද රාත්‍රීයේ සමාජ මාධ්‍ය ජාල වල තොරතුරු හුවමාරුවීමටද පටන් ගත් අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවද පැවසේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.