එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉරානය සමඟ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පසුගියදා සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවට බොර තෙල් සහ ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන දිගුකාලීන ණය පදනම යටතේ ලබාගැනීමට හැකි දැයි සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී සෙයිෆ් ඇලනාෆ්බි සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හසීම් අස්ජසාඩේ යන මහත්වරු සමඟ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ පිළිබඳව පසුගියදා සාකච්ඡා කළහ.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මහේන්ද්‍ර ගරුසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.