මුල්ලේරියාව මූලික රෝහලේ PCR යන්ත්‍රයේ කිසිදු දෝෂයක් නොමැති බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.
Twitter පණිවිඩයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පවසන්නේ රෝහලේ PCR මෙහෙයුම් අඩපණ වීමට හේතුව PCR කට්ටලවල හිඟය (Shortage of Testing Reagents) බවයි.
මෑත සතිවලදී වේගවත්ව සිදුකරන ලද පරීක්ෂණ හේතුවෙන් මෙලෙස පරීක්ෂණ කට්ටල හිඟවී ඇතැයිද තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.
PCR කට්ටල ගෙන්වීම වෙනුවෙන් නව ඇණවුමක් ලබාදී ඇතැයිද තානාපති කාර්යාලය සිය පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.
නව ඇණවුමක් ලබාදී ඇති අතර අන්තර්ජාතික සැපයුම් මත පදනම්ව එය දින 3-4කින් පැමිණෙනු ඇත යැයි එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.
මුල්ලේරියාව රෝහලේ PCR යන්ත්‍රය නැවත වතාවක් අක්‍රිය වී ඇති බව රෝහල් ප්‍රකාශයන් උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කර තිබුණා.
කොළඹ චීන තානාපති කාර්යාලය මැදිහත්ව ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් තානාපති කාර්යාලය මෙම Twitter පණිවිඩය නිකුත් කර තිබෙනවා.





