මේ වසරේ දරුණුතම අත්ලාන්තික් හරිකේන් සුළි කුණාටුව අයෝටා මධ්‍යම ඇමරිකාවේ පිහිටි නිකරගුවා රාජ්‍යයට කඩා වැදී තිබෙනවා.පැසිෆික් සාගරය සහ කැරිබියානු මුහුද අතර පිහිටි නිකරගුවා වෙරළට එය පැමිණ ඇත්තේ පැයට කිලෝමීටර් 260 ක තරම් වේගයකින්.පස්වන මට්ටමේ ප්‍රබල සුළි කුණාටුවක් වූ එය විනාශකාරී සුළි සුළඟක් ලෙසයි ඇමරිකානු ජාතික හරිකේන් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
මේ තරම් ප්‍රබල අත්ලාන්තික් සුළි කුණාටුවක් මීට පෙර වාර්තා වී ඇත්තේ 1932 වසරේදීයි.තවත් මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වූ හොන්ඩියුරාස් හි ජනාධිපති හුවාන් අර්ලන්ඩෝ එය සමාන කළේ දැවැන්ත බෝම්බයක් ලෙසයි. සුළි සුළඟට පෙර හොන්ඩියුරාස්, ගෝතමාලා සහ නිකරගුවා යන රාජ්‍යයන් තම රටවල අත්ලාන්තික් වෙරළාසන්න පහත්බිම්වල සිටින ජනයා ඉවත් කර ගැනීමට පියවර ගනු ලැබුවා.මීට සති දෙකකට පෙර අත්ලාන්තික් කලාපයට බලපෑ එටා සුළි සුළඟින් පුද්ගලයින් 200 කට අධික පිරිසක් මියගිය අතර, ඉන් වැඩිම හානියක් සිදුවූයේ ගෝතමාලා රාජ්‍යයටයි.




