ඊයේ වනවිට නිරෝධායනයෙන් පසු පුද්ගලයින් 64,263 ක් නිවෙස් කරා පිටත් කරයි


     ඊයේ (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 430 ක් හඳුනාගෙන              තිබෙනවා. එම පුද්ගලයන් 430 දෙනා දේශියව හඳුනාගත් පුද්ගලයන් ලෙස වාර්ථා වේ.

ඊයේ(11) උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට අදාළ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරස් ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 11,237 ක් වේ. ඒ අතරින්, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 1,041 ක්, පෑලියගොඩ මාළු වෙළඳපොළෙන් පුද්ගලයින් 1,007 ක් සහ ඉතිරි පුද්ගලයින් 9,189 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළඳපලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

පෙරේදා (10) දින රාත්‍රි EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 50 ක් ද, ඊයේ (11) දින උදෑසන ET 8804 දරණ මගී ගුවන් යානය මගින් ඉතියෝපියා සිට පුද්ගලයින් 110 ක් සහ UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 270 ක් මෙරටට පැමිණ ඇත. තවද, ඊයේ (11) දින උදෑසන UL 1024 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ මුම්බායි සිට පුද්ගලයින් 66 ක් දිවයිනට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමි‍ිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඊයේ (11) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 08 ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, දික්වැල්ල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් පුද්ගලයෙකු, හොටෙල් වින්ඩ් බිච් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 02 ක් සහ රැවල් රිසෝට් කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 05 ක් වශයෙන් වේ. එසේම, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ඊයේ (11) දිනය වනවිට පුද්ගලයින් 64,263 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, ඊයේ (11) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 28 ක් තුළ පුද්ගලයින් 2,277 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

පෙරේදා (10) දිනය තුලදී PCR පරික්‍ෂණ 8,272 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 619,108 ප්‍රමාණයක් සිදුකර ඇත.

ඊයේ (11) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) පුද්ගලයින් 657 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. එම පුද්ගලයින් අතරින් 656 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල පොකුරට අයත් පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයා විදේශිය රටක සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු වේ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඊයේ වනවිට නිරෝධායනයෙන් පසු පුද්ගලයින් 64,263 ක් නිවෙස් කරා පිටත් කරයි
ඊයේ වනවිට නිරෝධායනයෙන් පසු පුද්ගලයින් 64,263 ක් නිවෙස් කරා පිටත් කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmJZnPI4ogKHRIgbazp2-jQpDvuu_2RukINKaKA4qAw9mFGik_mG4IwT1qELN3dWSn70V1ZIKKE0sPyQPgB6lUzx2E8zLjZsnqReirWv6JbPtaRPcYwHyIrMLQGApOYOYvrOY_i8SaTZM/s16000/20201102qc_8.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmJZnPI4ogKHRIgbazp2-jQpDvuu_2RukINKaKA4qAw9mFGik_mG4IwT1qELN3dWSn70V1ZIKKE0sPyQPgB6lUzx2E8zLjZsnqReirWv6JbPtaRPcYwHyIrMLQGApOYOYvrOY_i8SaTZM/s72-c/20201102qc_8.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/Peopleleftfromquarantinecenters.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/Peopleleftfromquarantinecenters.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content