පිටකොටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක්


පිටකොටුව ප්‍රධාන බස් නවතුම්පොලත්, දුම්රිය නවතුම්පොලත් ආශ්‍රිතව විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (15) පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව, කොළඹ නගරයට පැමිණෙන සහ කොළඹ නගරයෙන් පිටත් වන පොදු ප්‍රවාහන සේවා සහ පුද්ගලික ප්‍රවාහන සේවා හුදෙකලා කරන ලද ප්‍රදේශ වල මඟීන් නංවාගැනීම හෝ මඟීන් බැස්සවීම කිසිසේත් නොකළ යුතු බවත්, යම් පුද්ගලයෙකුට පිට ප්‍රදේශයක සිට පිටකොටුව වෙත පැමිණ එතැන් සිට වෙනත් ගමනාන්තයක් දක්වා ගමන් කිරීමේ කිසිඳු බාධාවක් නොමැති අතර හුදෙකලා කර ඇති මිගමුව, ජාඇල, වත්තල, කඩවත, පෑලියගොඩ, ග්‍රෑන්පාස්, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, ප්‍රදේශ වලින් මඟීන් නංවාගැනීම හෝ බැස්සවීම සම්පුර්ණයෙන්ම තහනම් වන බවත්, හුදෙකලා කර ඇති ප්‍රදේශ වල වෙළඳසැල් විවෘත කිරීම තහනම් වන බවත්, ඒ මහතා මෙහි දී සඳහන් කළේය.

මෙම හුදෙකලා කරන ලද පොලිස් වසම් වල ජනතාවට අතිශයින් වැදගත් වන අත්‍යවශ්‍ය සේවාවන් පමණක් පවත්වාගෙන යාම සඳහා මීට පෙර සිදු වූ පරිදිම කටයුතු සිදු වන අතර වේල්ලවත්ත, මරදාන, කෙසෙල්වත්ත, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය පොලිස් වසම් ආශ්‍රිතව නිරෝධායන රීතින්ට අනුගතව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කරන ලද සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති නිර්ණායක අනුගමනය කරමින් ජනතාවගේ එදිනෙදා කටයුතුවලට අත්‍යවශ්‍ය වන අනිකුත් ආයතන එනම්, මාධ්‍ය ආයතන, වරාය, බලශක්තිය හා සම්බන්ධ ආයතන, සෞඛ්‍ය අංශයට අදාළ ආයතන, සන්නිවේදන ආයතන වැනි ආයතන පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබේ.

කෙසේ වුව ද, මෙකී ආයතන වල රාජකාරි සඳහා කොටුව දුම්රිය පොලට හෝ බස් නැවතුම්පොලට සේවකයින් පැමිණෙන්නේ නම් ඒ ආයතනයේ ප්‍රවාහන මාධ්‍යයක් මඟින් සේවකයින් රැගෙන යාමට කටයුතු කරන ලෙස ද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහි දී අවධාරණය කර සිටී.

එමෙන්ම, කොළඹ සිට මතුගම බලා ධාවනය වන බස්රථයක බස් කොන්දොස්තරවරයෙකු සහ රියදුරු බස්රථයේ ප්‍රමාණයට වඩා දෙගුණයක් මගීන් රැගෙන යාම නිසා නිරෝධායන රීතීන් උල්ලංඝණය කරමින් ධාවනය කරවීම පිළිබඳව එම බස්රථයේ ගමන් කළ මඟීන්ගේ දැනුම්දීමකට අනුව අත්අඩංගුවට ගැනීමට සිදු වූ බවත්, ඔවුන්ට විරුද්ධව නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කරන බවත්, මෙරට තුළ කොවිඩ් වෛරසය පැතිරී තිබෙන අවස්ථාවක මඟීන් රැගෙන යාමේ දී බස්රථයේ හිමිකරු, කොන්දොස්තර සහ රියදුරු හට ඒ සම්බන්ධයෙන් විශාල වගකීමක් තිබෙන බවත්, ඔක්තෝබර් 15 නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ මේ පිළිබඳව සදහන් කර ඇති බවත් ඒ මහතා මෙහි දී තරයේ ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම, මෙම පොලිස් බලප්‍රදේශ හැරුණුකොට රටේ අනිකුත් ප්‍රදේශ වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙන අතර සියලු දෙනා සෞඛ්‍ය නිර්දේශ වලට කටයුතු කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරත් අවධාරණය කළේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: පිටකොටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක්
පිටකොටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJ392u67wRNES7pe7rwjsY2yBU1tKXsKq6w5jTHJscbvReMmrLAqLC_61kDARA8y_giYLUXHz9kesYC7-Y8nQtZigOgfJDemrGF7jk8IIz4byx-DmZNusZp84LsjFW6-739Pxj4nYTXko/s16000/Capture.PNG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJ392u67wRNES7pe7rwjsY2yBU1tKXsKq6w5jTHJscbvReMmrLAqLC_61kDARA8y_giYLUXHz9kesYC7-Y8nQtZigOgfJDemrGF7jk8IIz4byx-DmZNusZp84LsjFW6-739Pxj4nYTXko/s72-c/Capture.PNG
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/Pettah-Bus-stand-railway-station-special-Protection-plan.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/Pettah-Bus-stand-railway-station-special-Protection-plan.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content