අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021 අය වැය දෙවන වර කියවීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා අද (19) පෙ.ව 11.40 ට පමණ පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පැමිණියේය. පෙ.ව 11.30 ට පමණ පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි ජනාධිපතිතුමා එතුමාගේ කාර්‍යාලයේ සුළු වේලාවක් රැදි සිටියේය.
09 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පිවිසි ප්‍රථම අවස්ථාව මෙයයි.
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ උණුසුම් පිළිගැනීම මධ්‍යයේ සභා ගර්භයට පිවිසි ඒ මහතා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේත්, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේත්,පාර්ලිමේන්තු මන්ත්‍රී යධාමිනි ගුණවර්ධන මහතාගේත් අදහස් වලට සවන් දීමට කටයුතු කළේය.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ,මැති ඇමතිවරුන් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයන් සමග මන්ත්‍රී භෝජනාගාරය වෙත ගිය ජනාධිපතිතුමා එහිදි දිවා භෝජනයට සහභාගි විය. ප.ව 01.50 ට පමණ ජනාධිපතිතුමා පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් නික්ම ගියේය.