තිදරු මවකගේ නිරුවත් වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහරින බවට පවසා ඇය බියගන්වා වසර 04 ක් තිස්සේ වරින් වර පැමිණිලිකාරියට අතවර කළ සැකකරුවන් දෙදෙනකු නිට්ටඹුව පොලිසිය මගින් අත්අඩංගුට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා 26 වැනිදා අත්තනගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 08 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට අත්තනගල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් තරංගා රාජපක්‍ෂ මහත්මිය 26 වැනිදා නියම කළාය.
නිට්ටඹුව, වතුපිටිවල පදිංචිකරුවෝ දෙදෙනෙක් මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ.
ඉකුත් 2016 වර්ෂයේදී පැමිණිලිකාර 35 හැවිරිදි තිදරු මව තලංගම ප‍්‍රදේශයේදී අතවරයකට ලක්ව ඇති බවත් එම අතවරය සිදුකළ පුද්ගලයා එම සිදුවීම වීඩියෝ කර සැකකරුවන්ට ලබාදීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා පැමිණිලිකාරිය බිය ගන්වා වසර 04 ක් තිස්සේ වරින් වර පැමිණිලිකාරියට ලිංගික අතවර කර ඇති බවත් නිට්ටඹුව පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය.
නිට්ටඹුව පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් එච්. එම්. රෝහණ සහ කාන්තා පොලිස් සැරයන් ආර්. එම්. එස්. මල්කාන්ති යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙය වූහ.