හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරිම සඳහා අද සවස සිට ගුවන් හමුදාවේ සහය ඇතිව ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
හුදෙකලා කොට ඇති ප්‍රදේශ යළි මුදවා හැරීම සිදුකරන තෙක් එම නිරීක්ෂණ කටයුතු සිදුකරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.
හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව තමන්ගේ නිවෙස් තුළ රැඳී නොසිට විවිධ සංචරණ සීමාවන් සිදුකෙරෙන් බවට තොරතුරු ලැබී ඇති බවත් මේ හේතුවෙන් එම සංචරණ කටයුතු සීමා පැනවීමට පියවරක් ලෙස මෙම පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මෙලෙස සංචරණ කටයුතු සිදුකරන පුද්ගලයින් ගැන ඩ්‍රෝන යානා මගින් ලබා ගන්නා තොරතුරු මත විශේෂ ආරක්ෂක කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
හුදෙකලා කළ ප්‍රදේශවල ජනතාව සංචරණ සීමාවන්ට යටත් නොවී කටයුතු කිරීම හේතුවෙන් එම ප්‍රදේශ තුලින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සිදුවන බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.




