ස්විස්ටර්ලන්තය සහ සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ සහයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථාපිත කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් සහ පරීක්ෂණ කට්ටල 39,000ක් හිමිව තිබේ.
කොවිඩ් -19 වසංගත තත්ත්ව නිසා මව් රටට පැමිණීමට නොහැකිව සිටින විදෙස්ගත ශ්‍රමිකයින් ආරක්ෂිතව යළි ගෙන්වා ගැනීමට සහයක් වශයෙන් මෙය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ස්වයංක්‍රීය PCR පරික්ෂණ යන්ත්‍රය මගින් දිනකට පරීක්ෂණ 1300ක් පමණ සිදුකළ හැකිය අතර පැය තුනක් වැනි කෙටි කාලයක් පරීක්ෂණ සිදුකිරීමට හැකි බැවින් පරීක්ෂණ ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.
ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස්ගත සංක්‍රමණික සේවකයින්ට සිදුකරන PCR සංඛ්‍යාව වැඩි කළහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ මෙරට කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර ව්‍යාපෘති රැසක් සඳහා ස්විස්ටර්ලන්ත රජයේ සහයෝගය ලබාදී ඇති බවත්, දෙරට අතර සහයෝගීතාව දීර්ඝකාලීනව තවදුරටත් පවත්වාගෙන යෑමට මෙය ප්‍රධාන පිටුවහලක් වනු ඇති




