මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි “චැපර්” නමැති තවත් භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන තිබෙනවා.
2014 – 2016 කාලසීමාවේදී අප්‍රිකාවට දැඩි බලපෑමක් එල්ල කළ ඉබෝලා වෛරසයට බොහෝ සමානකම් දක්වන “චැපර්” නමැති මෙම නව වෛරසය හඳුනාගෙන ඇත්තේ බොලිවියාවේ ලාපාස්හි සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට වැළඳී තිබියදීයී.
අදාළ සෞඛ්‍ය සේවකයින් දෙදෙනා ශ්වන අපහසුතාව මෙන්ම අධික උණ රෝගයෙන් පෙලීම නිසා ඔවුන් ඩෙංගු වෛරසයට ගොදුරුව ඇති බවට වෛද්‍යවරුන් පළමුව සැක පළකර තිබුණා.
නමුත් පසුව සිදුකළ ඔවුන්ගේ ජෛව සාම්පල අධ්‍යයනයේදී මෙය නව වෛරසයක් බවත් පුද්ගලයින් අතර ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවත් අනාවරණය වී තිබෙනවා.
මීයන් වැනි සතුන්ගෙන් ව්‍යාප්ත වන බවට විශ්වාස කෙරෙන මෙම වෛරසය 2004 වසරේදීද බොලිවියාවේ චපාරේ ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා.
ඉන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ කොවිඩ් 19 වෛරසයේ නිමාවෙන් පසු “චැපර්” නම් මෙම නව වෛරසය කෙදිනක හෝ වසංගතයක් බවට පත්වීමේ ප්‍රවණතාවක් පැවතීම හේතුවෙන් මේ පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් කළ යුතු බවයි.
එමෙන්ම අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ මෙම නව වෛරසයේ බලපෑමෙන් පුද්ගලයින් මියයාමේ දැඩි අවදානමක් පවතින බවයි.