ඉදිරි වසර කිහිපය තුළ ලංකාවේ සෑම පළාතකටම පශු රෝහලක් - අමාත්‍ය ඩී.බී.හේරත්


ඉදිරි වසර කිහිපය තුළ ලංකාවේ සෑම පළාතකටම පශු රෝහලක් ඉදි කිරීම අපගේ ඒක් අරමුණක් - පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්

ලංකාවේ සෑම තැනකම පශු වෛද්‍ය සේවාව බහුලව තිබුණත්, ජනතාවට සහන මිලකට මෙන්ම පූර්ණ වගකීමක් සහිතව තම සේවාව ඉ‍ටු කර ගැනීම සදහා, අවශ්‍ය රාජ්‍ය පශු රෝහල් වල හිගයක් පවතී.

එබැවින් ඉදිරි වසර කිහිපය තුල ලංකාවේ සෑම පළාතකටම පශු රෝහලක් ඉදි කිරීම සිය එක් අරමුණක් බව පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පැවසුවේය. ගැටබේ පිහිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු මධ්‍යම පලාත් අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වර්තමානයේ කිරි නිෂ්පාදනය අතින් ඉහලම තැනක සිටින මධ්‍යම පළාත තුළ දියර කිරි නිෂ්පාදනය තව තවත් වර්ධනය කර ගැනිම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිලිබදව සාකච්ඡා කිරීමේ අරමුණෙන් එම පළාත තුළ වෙසෙන පශු සම්පත් ක්ෂේත්‍රයේ රාජ්‍ය නිලධාරීන් සමග මෙම හමුව පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් පශු වෛද්‍යවරුන් පවසා සිටියේ දීර්ග කාලයක සිට මහනුවර ප්‍රදේශයට ඉමහත් සේවයක් සැලසූ පශු රෝහල පසුගිය කොරෝනා සමයේදී ද ඉතාමත් සහන මිලකට ප්‍රදෙශයේ ජනතාවට ඔවුන්ගේ සතුන් වෙනුවෙන් තම සේවය සැලසූ බවයි.

මේ හේතුවෙන් සත්ව රෝහල ඉමහත් ජනප්‍රියත්වයටද පත්වී ඇති අතර කොරෝනා සමයේදී විශාල ආදායමක් ද රජයට අත් කර දී තිබේ. එම නිසා දිවයිනේ සෑම පලාතකම රජයේ පශු රෝහල් ඇති කිරීම මගින් රජයට විශාල ආදායමක් ද ලබා ගත හැකි බව ඔවුන් පෙන්වා දෙන ලදී.

මේ පිලිබද සාකච්ඡාවෙන් පසු දිවයිනේ සෑම පලාතකම රජයේ පශු රෝහලක් ඉදිකිරීමේ ඇති හැකියාව පිලිබදව සොයා බලන ලෙස අමාත්‍යවරයා ඔවුන් වෙත පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.සේනානායක , අතිරේක ලේකම් වෛද්‍ය නිරෝෂන් ගමගේ, ස.නි.හා සෞ.දෙපර්තමේන්තුවේ අධක්ෂ ජනරාල් වෛද්‍ය රංජනි ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඉදිරි වසර කිහිපය තුළ ලංකාවේ සෑම පළාතකටම පශු රෝහලක් - අමාත්‍ය ඩී.බී.හේරත්
ඉදිරි වසර කිහිපය තුළ ලංකාවේ සෑම පළාතකටම පශු රෝහලක් - අමාත්‍ය ඩී.බී.හේරත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE-XRNfjTT6NJvUY8guct9v0VuKGJuLftCnI0tlLflLbmBFPUfYsD9VL6bLYpJLH5RaXQhbVZyoQCVVhggIEfAeEy0J3KLRajmDSuYdBrQke5tusmJxfdNOFA7U8s8OhPrrRAsf89ErG8/s16000/12.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE-XRNfjTT6NJvUY8guct9v0VuKGJuLftCnI0tlLflLbmBFPUfYsD9VL6bLYpJLH5RaXQhbVZyoQCVVhggIEfAeEy0J3KLRajmDSuYdBrQke5tusmJxfdNOFA7U8s8OhPrrRAsf89ErG8/s72-c/12.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/animalhospitel-dbherath.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/animalhospitel-dbherath.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content