රෝහල්වලදී හා හුදෙකලා කර ඇති ප්‍රදේශවලදී මෙන්ම කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු හෝ නිරෝධායන වන පුද්ගලයකු මරණයට පත්වුවහොත් පමණක් PCR පරීක්ෂණ සිදු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඉන් පරිබාහිරව සිදුවන මරණ පිළිබඳ PCR පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය නොවන බව එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ලිපියක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ නිවසක පුද්ගලයකු මියගිය අවස්ථාවේදී එම පුද්ගලයාගේ මරණය කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණයක් නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසු පමණක් ලියාපදිංචි කළ යුතු බවයි එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ.
මෙවැනි ක්‍රමවේදයක් කොවිඩ් අවදානම නොමැති ප්‍රදේශවලට අදාළ නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහසයි.
නිවසක සිදුවන මරණයක් ලියාපදිංචි කිරීමේ මෙම ක්‍රමවේදය යළි නිවැරදි කරන ලෙස නව චක්‍රලේඛයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත දැනුම් දී තිබෙනවා.
මේ පිළිබඳව සියලුම උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරුන්ට ලිඛිතව දැනුම් දීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ද තීරණය කර තිබෙනවා.




